සමෘද්ධි අරමුදලේ මිලියන 860ක් අවුරුදු උත්සව සඳහා යොදවලා… වෘත්තීය සමිති චෝදනා කරයි!

සමෘද්ධි අරමුදලින් රුපියල් මිලියන 860ක් අලුත් අවුරුදු උත්සව සඳහා වියදම් කර ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති චෝදනා රජයට චෝදනා කරයි.

සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සම ලේකම් ඊ.ඒ.එස්. එදිරිසිංහ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රජය  සමෘද්ධි සහන ලැබිය යුතු දුප්පතුන්ට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් බෙදා දීමට යොදවා සමෘද්ධි අරමුදලින් රුපියල් මිලියන 860ක් අලුත් අවුරුදු උත්සව සඳහා  යොදවා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ළමයින්ට පොතක් ගන්නවත් බැරි වකවානුවක මුදල් නාස්තියට අපි විරුද්ධයි. දේශපාලන පඹ වැඩවලට අපි විරුද්ධයි. දුප්පතුන්ගේ මුදල් නාස්ති කරනවාට අපි විරුද්ධයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version