සමෘද්ධි අරමුදලින් මිලියන 380ක් පසුගිය රජය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට අරන්…

පසුගිය රජය සමයේ  සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන380 ක් වැය කිරීම පිළිබඳ විගණනයක් පවත්වන බව සමෘද්ධි විෂය භාර රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ අද (26  ) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල තිබෙන්නේ සමෘද්ධිලාභීන්ගේ මරණයකදී,  දරු උපතකදී,  විවාහයකදී දීමනාවක් ගෙවීමට බව කී රාජ්‍ය ඇමැතිවරයා පසුගිය ආණ්ඩුව මෙම අරමුදල පාක්ෂිකයන්ට ටී ෂර්ට් බෙදා දීමට යොදා ගත් බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයිද කී ඇමතිවරයා  විගණනයක්ද සිදු කරන බව සඳහන් කළේය.


Exit mobile version