සමුද්‍රයේ වෑ කන්ද මත ඇවිදින මං තීරුවට  එරෙහිව සර්ව ආගමික නායකයින් එක්වෙයි…

මනම්පිටිය  නිමල් ජයරත්න- 

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වෑ කන්ද මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මං තීරුවට එරෙහිව දිස්ත්‍රික් ත්‍රෛනිකායික මහා සංඝයා ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයින්, ගොවිජන සංවිධාන,  ධීවර සමිති සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඒකාබද්ධව පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය නමින් නව සංවිධානයක් අද (24) සවස කදුරුවෙල ජයන්ති විහාරයේ දී පිහිටුවා ගන්නා ලදී.

උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කදුරුවෙල ජයන්ති මහා විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිහිටුවා ගත් එම ව්‍යාපාරයට බෞද්ධ, හින්දු ,ඉස්ලාම්,  ක්‍රිස්තියානි,  ආගම්ව දිස්ත්‍රික් ආගමික නියෝජිතයන් ද එක් වී සිටියහ.

පොලොන්නරු දිස්ත්‍රික් නීතිඥ සංගමය, මාදුරුඔය ගොවි ජන ව්‍යාපාරය, ත්‍රි රෝද රථ සංගම් ඇතුළු විවිධ අංශ නියෝජනය කරන සංවිධාන 100ක් නියෝජිත පිරිසක් මෙම ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුපියල් ලක්ෂ 340ක මහජන මුදලක් වැය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිතව තිබූ ඇවිදින මං තීරුවේ වැඩ කටයුතු නතර කර එම මුදල් වෙනත් ව්‍යාපෘතියක් සඳහා මහා භාණ්ඩාගාරය වෙත යවා ඇති බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමරකීර්ති  අතුකෝරල මාධ්‍යයට පැවසුව ද පරාක්‍රම සමුද්‍රය විනාශකරන එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික කටයුතු කර ඇති බවත්, ඊට තම ව්‍යාපාරයේ බලවත් විරෝධය එල්ල කරන බවත් පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති කදුරුවෙල ධම්මපාල නා හිමියෝ පැවසූහ.

Exit mobile version