සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අනිද්දා විවාදයට!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින්  අයකරගැනීමට යෝජනා කළ සමාජ ආරක්ෂන දායකත්ව බදු පනත් කෙටුම්පත ලබන බ්‍රහස්පතින්දා (08) විවාදයට ගැනීමට තීරණය වී ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබිණි.

එහෙත් මේ සඳහා සංශෝධන ද ඉදිරිපත්කර ඇති හෙයින් මේ පිළිබඳව විවාද කිරීමේ අවශ්‍යතාව ජාතික ජනබලවේගයේ නායක   අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා   කථානායකවරයාගෙන් ඉල්ලා සිටීම නිසා මෙම තීරණය ගන්නා ලදී.

.සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.


රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී.

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනකදී පැවැත්වෙනු ඇත

Exit mobile version