සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්පායෝ සහ දිලීප පීරිස් නටන දේශපාලන නැටුම කුමක් ද?

by editor
අගෝස්තු 2, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

රට තිගැස්සී ඇත. මේ රටේ නීතියෙහි ක්‍රියාත්මක ස්වරූපය පිළිබඳ දැන්   නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ප්‍රශ්න කරමින් සිටී. අවුරුදු 136ක නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ මුල්ම වරට   නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයෙක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වයි. එහිදී පොලිසියේ‍ හා බන්ධනාගාරයේ නිලධාරීන්ගේ  අපුල දනවන යථාර්ථය හෙළි කරන  ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේම හිඳ නීතිපති ප්‍රශ්න කරයි. පොලිස්පති ප්‍රශ්න කරයි.

ඔහු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ය. දිලීප පීරිස් මේ කතා කරමින් සිටින්නේ මේ රටේ මිනිසුන්ගේ හදවතෙහි කැකෑරෙන අපුල දනවන යථාර්ථය ය.

ඔහු කතා කරන්නේ මීගමුව බන්ධනාගාරයේ සුපිරි සිර මැදිරි නඩත්තු කරගෙන යෑමට පාතාල කුඩු කාරයන්ට අපරාධ කරුවන්ට ඉඩ දුන්නේ යැයි චෝදනා ලැබ, එම සුපිරි සිරමැදිරි හෙළිදරව් වූ පසු දැනට වැඩ තහනමට ලක් කළ, අධිකරණ වරෙන්තුවක් ඉදිරිපත් වූ නමුත් අධිකරණයට ඉදිරිපත් නොවී  සැඟවී සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මුල් කරගත් සිද්ධිය ගැනය.

දිලීප පීරිස්ගේ කතාව

RelatedPosts

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට අනුව මේ ආරම්භ වී ඇත්තේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂීම නඩු විභාගයකි. අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වූ පුද්ගලයන් බන්ධනාගාර තුළ රාජධානි නිර්මාණය කරගෙන අපරාධ ක්‍රියාවල නිරතවීමට අදාල දැවැන්ත විමර්ශන ක්‍රියාවලියකි.  එහිදී මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ,  මුල්පෙළ ජේලරවරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න හා  දෙවන පෙළ ජේලර් කාලිංග කළුඅග්ගලට චෝදනා ගොනු කරන්නට ප්‍රමාණවත් සාක්ෂි තිබිණි.

මොවුන්ට  එරෙහි එක් චෝදනාවක් වූයේ  රාජ්‍ය නිලධාරීන් වශයෙන් සිට අසත්‍ය ලේඛණ පිළියෙළ කිරීමය.  එම චෝදනාව සම්බන්ධයෙන් පසුගිය 22 දා නීතිපති දෙපාර්තමේනතුව විසින් මේ අය අත්අඩංගුවට ගැනීමට  වරෙන්තුවක් ලබා ගත්තේය.  මේ වරෙන්තුව නිකුත් කරමින් මීගමුව මහේස්ත්‍රාවරයා වහාම එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.

එහෙත් වරෙන්තුව ක්‍රියාත්මක වී නොතිබිණි.

“අපි අධිකරණයට ගියා. ගිහින් නඩුව කැඳවලා ටික වෙලාවකට පස්සේ නීතිඥ මහත්මයෙක් කිව්වා මේ නඩුවෙ ප්‍රධාන ජේලර් සනත් බණ්ඩාරත් පළවෙනි පන්තියේ ජේලර් සරත් සේනාරත්නත් අධිකරණ ශාලාවෙ ඉන්නවා. ඔවුන් මේ නඩුවට එකතු වෙන්න කැමතියි කියලා “

“එසේ කියලා ඔවුන් විත්ති කුඩුවට නගිනවා.  මේව අනෙක් අපරාධකරුවන්ට සපයන නරක පූර්වාදර්ශ . දින හතක් යනකම් එක පුද්ගලයෙක් හිටයා මාතලේ. අනෙක් පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ. මේ අයට වරෙන්තුවක් නිකුත් වී තියනවා. ඒත් ඔවුන්   අධිකරණයට ඇවිල්ලා සාක්කුවට අත්දෙක දාගෙන විෂිල් එකක් ගහගෙන කූඩුවට නගිනකම්  පොලිසිය මොනවද කරන්නෙ.  දින හතක් යනකම්  87000ක් ඉන්න පොලිස් හමුදාවක් ක්‍රියාත්මක වෙලා වරෙන්තු කරුවෙක්   අත්අඩංගුවට ගන්න නොහැකියාව ගැන මේ රටේ ජනතාවට අපි දෙන පණිවිඩය කුමක් ද.“ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා විමසුවේය.

ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍යයට පවසන්නේ මේ රටේ පවතින නඩු දියාරු කිරීමේ  යථාර්ථය ගැනය. මාධ්‍ය වාර්තාකරණයක් නොවිනි නම් නාකොටික් කුඩු නඩු ටිකත් අහවර වන ආකාරය ගැනය.

“ සම්පායෝ කියන පුද්ගලයා අපි ඉල්ලා සිටින්නෙ ඇයි. ඔහු එන්නෙ නෑ උසාවියට. එවනවා ජනාධිපති නීතිඥයෙක් ඇතුලු නීතිඥවරු පහළොවක් අධිකරණයට.  ඔහුට එහෙම ශක්තියක් දුන්නෙ කවුද?. සම්පායෝ කියන පුද්ගලයා වාෂ්ප උනාද. ඔහුට නොදැක සිටීමට ඇති සුවිශේෂ හැකියාව කුමක් ද. එම හැකියාව අපි හොයන්න ඕන. හොයලා ඒක මර්ධනය කරන්න ඕන. “ අවසානයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නීතිපති දෙපාර්තමේන්තුවේ සිට කියන්නේ  තීරණාත්මක කතාවකි.

“එක එක්කෙනාගෙ තනතුරු අදාල නෑ. නීතිපතිත් එකයි. පොලිස්පතිත් එකයි. මහජන බදු මුදලින් ඔවුන් නඩත්තු වෙන්නෙ. අපි වගකියන්න මේ රටේ ජනතාවට. අඟහරුවාද මේ නඩුව එනවා. ඒ වනවිට එක්කො සම්පායෝ  අල්ලන්න ඕන.  එක්කො සම්පායෝ අල්ලන්න බැරි හේතුව කියන්න ඕන. වරෙන්තුකරුවාව යමෙක් ආරක්ෂා කරන් හිටියා නම් තරාතිරම නොබලා ඔහුව අධිකරණයට වාර්තා කරලා අධිකරණමය පියවරක් ගන්නවා ගන්නවාමයි. “

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අතිශයින්ම තීරණාත්මක මාධ්‍ය සහාය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටින්නේය.

සම්පායෝ කියන කතාව

අනුරුද්ධ සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ තමන් වැඩ තහනමට ලක් වූ සිද්ධිය සම්බන්ධව නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනට දීරඝ පිලිතුරක් දී තිබිණි. ඔහුට අනුව ඔහු බන්ධනාගාර ආඥා පනතේ අඩංගු කිසිම නීතියක් කඩ කර නැත. ඔහු බන්ධනාගාරය පාලනය කර ඇත්තේ හිරකරුවෝද මනුෂ්‍යයෝය යන ප්‍රතිපත්තිය තුළ පිහිටමිනි. දුරතකථන හෝ වෙනත් පහසුකම් සිරකරුවන්ට ලබා දී තිබුනේ නම් ඒ කොවිඩ් වසංගත සමයේ පැවති සුවිශේෂි තත්ව උඩ වෛද්‍ය කාරණා සැලකිල්ලට ගනිමිනි.

බන්ධනාගාරය තුළ වෙසෙන කුඩු කාරයින් සමග ඔහු කිසිම ඇසුරක් පවත්වා නැත.  බන්ධනාගාරය තුළට පැමිණි පසු ඔහුට හැම සිරකරුවෙක්ම එකය. ඔහු කියන්නේ මේ ප්‍රශ්නය නීතිය හමුවේ විසඳාගෙන තමන්ට මඩ ගහන අයට නිසි පිළිතුරක් ලබා දෙන බවය.

සිදුවන්නේ කුමක් ද

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ,  මුල්පෙළ ජේලරවරුන් වන සරත් බණ්ඩාර හා නිශාන්ත සේනාරත්න, දෙවෙන පෙළ ජේලර් කාලිංග කළුඅග්ගල   අත්අංඩගුව ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දොපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 21 දා දී තිබිණි.  ඊට අදාලව කරන විමර්ශනයක් සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමේන් පසු මේ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් රටට කීවේය.

මේ අතර අනුරුද්ධ සම්පායෝ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා රිට් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව පසුගිය 22 දා. 23 දා එම රිට් පෙත්සම කැඳවනු ලැබුවේය. නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ අධිකරණයේ අනුමැතියකින් තොරව පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ සංශෝධිත පෙත්සමට අදාල ලේඛණ තමන් වෙත ලැබී නොමැති බවය.

අනතුරුව පසුගිය 28 වැනිදා අභියාචනාධිකරණය රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 05 වනදා සිදු කිරීමට තීන්දු කළේය. එදින තෙක් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල කිසිදු නියෝගයක් නිකුත් කළේ නැත.

දැන් සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් තවත් දින තුනක් ඉතිරිව තිබේ. ඒ දින තුන තුළ සිදුවීමට නියතමිත බොහෝ දේ ඇත. මැතිවරණයක් පැවැත්වෙන්නේය. අනතුරුව ආණ්ඩු වෙනස් වෙන්නේය. අලුත් ආණ්ඩු පිහිටුවන්නේය.

මේ සිදුවීම් සියල්ල අපට සිතන්නට යමක් ඉතිරිකර තිබේ. රජයේ නිලධාරියෙක් වශයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයෙක් ඉතිහාසයේ පළමුවරට නීතිපති දෙපර්තමේන්තුවේ පුවත්පත් සාකච්ඡා තබමින්  නීතියේ ක්‍රියාත්මක ස්වරූපයත්, නීතිපතිත්, පොලිස්පතිත් විවේචනය කරමින් බරසරා හඬක් නගන්නේය. රාජ්‍ය නිලධාරියෙකුට මේ තරම් නිදහස්ව යුක්තිය වෙනුවෙන් හැසිරෙන්නට ඉඩක් අප දන්නා රට තුළ නම් නැත. එසේ තිබුණා නම්   පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්    කුරුණෑගල නගරාධිපති ඉදිරිපිට තුට්ටු දෙකට වැටෙන්නේත්, නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව පොලිස්පති විලිලජ්ජාවට පත් වන්නේ නැත.  අප අත්දකින යථාර්ථය නම්   රාජ්‍ය නිලධාරියෙක් මේ තරම් පෞරුෂවත්ව හැසිරෙන්නේ ඔහුට නිශ්චිත රැකවරණයක් තිබෙන වගට ලැබෙන සහතිකය මත පමණක් බවය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සම්බන්ධවත් ඒ ඇත්ත ඒ ආකායටම වලංගුය.

කාගේ හයියකින් හෝ ඔහු මේ එලිපිට කතා කරන්නේ නිරුවත් ඇත්තය. ඒ ඇත්ත අප තවත් වේදනාවට පත් කරන්නේ අනුරුද්ධ සම්පායෝ මේ වනවිට අධිකරණයට වංගු දමා පොලිසිය තුට්ටුවට දමිමන් හැසිරෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ වාචාල පොහොට්ටු දේශපාලකයෙකුගේ රැකවරණය සහිතව බවට සමාජය තුළ ඇතිවන කථිකාවත් සමගිනි.

රටම විශ්වාස කරන පරිදි සම්පායෝ ඉන්න තැන පොලිසිය නොදන්නේ නැත. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බාධාවක් තිබේ. මේ දේශපාලනික බාධාව සම්බන්ධව දේශපාලනික ශක්තියක් නැතිව නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් කතා කළා නම් ඔහු අද ලොවෙත් නැත.

මැතිවරණයට පෙර  පෙනෙන මේ ගැටුමේ එලිපිට පෙනෙන සමාජ යථාර්ථය  සහ සඟවා තබන්නට හදන දහදුරා පාදඩකම අප කුල්මත් කිරීම සඳහා කරලියක රඟන  දේශපාලන නාටකයක් නම් ඉන් සන්නිවේදනවය වන්නේ  ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලය එළඹෙන බවය.

ඉතින් දැන්  හිත හදාගන්න. හිත හදාගෙන ජීවත් වෙන්න සැලසුම් කරන්න.  එළඹෙන වකවානුව අප ගේ ජීවත් වීමේ ශඛ්‍යතාවය ඉවසීමේ ප්‍රමාණය අනුව තීරණය කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති සමග සාකච්ඡා සාර්ථකයි… වරාය වෘත්තිය සමිති කියයි

Next Post

බදියුදීන්ගේ ගෝලයෝ මුස්ලිම් ජාතිවාදය වපුරමින් නැගෙනහිර ඡන්ද සොයති….

Related Posts

පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!
  • මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.