සම්පායෝ ඇතුළු මීගමුව බන්ධාගාරයේ ජේලර්ලා රිමාන්ඩ්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා ලබන 18 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ එම නිලධාරීන් අද (04) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගැනිණ.


අනතුරුව ඔහු ඊයේ (03) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙසු නිලධාරීන් තිදෙනා ඊට පෙර අත්අඩංගුවට ගැනුණි.

Exit mobile version