සමගි ජන බලවේගය කොළ පාට භාවිත කිරීම වළක්වන්නැයි අකිල මැකෝගෙන් ඉල්ලයි

සමගි ජන බලවේගය පක්ෂය මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂයට අයත් කොල වර්ණය තම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලටට භාවිත කිරීම වහාම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස එක්සත් ජාතකි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (08) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

මැතිවරන කොමිසම වෙත ලිපියක් යවමින් එ.ජා.ප මහලේකම්වරයා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව 1.2 අනු ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ වර්ණය කොළ පාට වන අතර සජිත් ප්‍රේමදස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ පක්ෂ වර්ණය එම පක්ෂ ව්‍යවස්ථාවට අනුව නිල් පාට බවයි.

නමුත් 2020 මහමැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සමගි ජනලවේගය පක්ෂය නිල් පාට වෙනුවට කොළ පාට භාවිත කිරීම චේතනාන්විතව එක්සත් ජාතික පාක්ෂිකයන් නොමඟ යැවීමට කටයුතු කරන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බරපතල අගතියක් වන බැවින් ඉදිරියේදී එම වර්ණය බාවිත කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටී.

Exit mobile version