සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 35ක් එ.ජා.ප යට

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්  පිහිටුවා ඇති සමගි ජනබලවේගයෙන් ඉදිරි මහා මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35 දෙනෙක් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  පාලිත රංගේ බණ්ඩාර පවසයි.

සමග ජනබලවේගය විසින් එළඹෙන මහ මැතිවණය වෙන්වෙන් භාර දුන් නාමයොජනා ප්‍රතික්ෂේපට තිබෙන  ඉඩකඩ නීති විශාරදයින් විසින් පෙන්වා දීමත්, සජිත් ප්‍රේමදාස ගේ දුර්වල නායකත්වය  නිසා ඇතිවුණු දැඩි කලකිරීම හා තවත් කරුණු කීපයක් නිසා මේ තත්වය උද්ගත වී තිබෙන බව හෙතෙම පැවසීය.

තමන් කරනු ලබන මේ ප්‍රකාශය අභියෝගයට ලක් කරන්නේ නම් ඊට අදාල හඬ පට ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.


සමගි ජනබලවේගය පිහිටුවීමේ දී ඊට පෙර පැවති අපේ ජාතික පෙරඹුණ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයතු කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ නාමයෝජනා ප්‍රතික්ෂේප වනු ඇති බවත් යැයි ඔහු කීය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් භාරදී තිබෙන නාම යෝජනා ලයිස්තුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් දැනටමත් ශ්‍රේෂාඨධිකරණයේ  නඩුවක් ගොනු කර තිබේ.

මේ පිළිබඳව අප කළ විමසුමක දී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියන්නේ තමන් සමග එක් වී සිටින කිසිම මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දීමට උත්සාහ නොකරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80ක් සමගි ජනබලවේගය වටා එක් වී සිටින්නේ එහි නායකත්වය පිළිබඳ ඇති විශ්වාසය නිසා බව ඔහු කියයි.  එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් 15 පමණක් බවත්, ඒ අයගේ බහුතරය ඔහුගේ ගෝලයින් මෙන්ම විවිධ චෝදනාවලට ලක් වූවන් බවත් පැවසීය.

Exit mobile version