සමගි ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට

සමගි ජන බලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට  (25) පෙරවරු 10ට පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතය.

සමගි ජනබලවේගයේ ඉදිරි ගමන් මග පිළිබඳ තීන්දු තීරණ රැසක් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිත බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ලංකාසරට පැවසීය.

නව සංවිධායකවරුන් පත් කිරීම, නිලධාරී මණ්ඩලය පත් කිරීම, පක්ෂයට අනුබද්ධිත සංවිධාන පිහිටුවීම, බිම් මට්ටමේ සිට සංවිධාන ජාලය ගොඩනැගීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් සම්බන්ධව පුළුල්ව සාකච්ඡා කිර තීරණවලට එළඹීම මෙහි දී සිදුවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 75කගෙන් සමන්විත වේ. එහි ප්‍රධානිය පක්ෂ නායකයා වේ.

Exit mobile version