සබරගමුව මහනුවර සහ නුවරඑළියට අනෝරා වැසි… ප්‍රදේශ 74 කට ජල ගැලීම් අනතුරු ඇඟවීම්…

Rain

තුෂාරී කළුබෝවිල –

පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමත් සමග ගංගා ද්‍රෝණි 09ක පහත් බිම් ප්‍රදේශ 74 කට ජල ගැලීම් සිදුවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහව, වාරියපොළ, නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව, හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දැදුරුඔය නිම්නය ආශ්‍රිත පහත් බිම් ද පන්නල, දිවුලපිටිය, දංකොටුව, කටාන, වෙන්නප්පුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය නිම්නය ආශ්‍රිත පහත් බිම් ද දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජා ඇල, මහර, කටාන, මිනුවන්ගොඩ, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය නිම්නය ආශ්‍රිත පහත් බිම් ද රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොළොන්නාව, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ නිම්නය ආශ්‍රිත පහත් බිම් ද පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ඇළපාත, කිරිඇල්ල, අබේගම, ඇහැළියගොඩ, ඉංගිරිය, හොරණ, කලවාන, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ, මිල්ලනිය, කලුතර, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කලු ගඟ නිම්නය ආශ්‍රිත පහත් බිම් ද වලල්ලාවිට, බෙන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බෙන්තර ගඟ නිම්නය ආශ්‍රිත පහත් බිම් ද නෙලුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිපිටිය, දිවිතුර, බෝපේ, පෝද්දල, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිං ගඟ නිම්නය ආශ්‍රිත පහත් බිම් ද කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ නිම්නය ආශ්‍රිත පහත් බිම් ද වලස්මුල්ල, බෙලිඅත්ත, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කිරම ඔය නිම්නය ආශ්‍රිත පහත් බිම් ද ගංවතුර අවදානම් ප්‍රදේශ ලෙස දක්වා ඇත.

මේ වනවිටත් මෙම ප්‍රදේශවලින් බොහොමයක පහත් බිම් ජලයෙන් යටවී තිබේ.


මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ  සබරගමුව පළාතට මෙන් ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි  බව යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ ම බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව පවසයි.

Exit mobile version