දුම්රිය රියදුරු, රියදුරු සහායක, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක, ආරක්ෂක අංශ හා ප්රවේශපත්ර පරීක්ෂකයන්ට ලබන සඳුදාට පෙර කොවිඩ් එන්නත් ලබා නොදුනහොත් සඳුදා සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්රධාන ලේකම් මනුර පීරිස් ලංකාසරට පැවසීය.
මේ වනවිට සංචරණ සීමාවලට අනුකූලව දුම්රිය ධාවන අත්හිටුවා ඇති බවත්, ලබන සඳුදා සිට නැවත දුම්රිය ධාවනකය ආරම්භ කිරීමට නම් ඉහත දුම්රිය සේවකයන්ට එන්නත ලබා දී අවසන් කළ යුතු බවත් අනෙකුත් දුම්රිය වෘත්තීය සමිති ද පවසන අතර එම වෘත්තීය සමිති සියල්ලම එක්ව ලබන සඳුදා සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවත් ලේකම්වරා කීවේය.