සනත් ජයසූරියගෙන් නාමල් රාජපක්ෂට දැවැන්ත “කණේ පාරක්“ ….

Sanath-Jayasooriya

යම් ක්‍රිඩකයකු යම් ක්‍රීඩාවකින් දිගින් දිගටම අසමත් වන්නේ නම් එම ක්‍රීඩකයාට වෙනත් ක්‍රීඩාවක් තෝරාගැනීමේ සංවර බවක් තිබිය යුතු බවත්  මෙලෙස අසමත් වූ ක්‍රිඩකයා යළි යළිත් එම ක්‍රිඩා කණ්ඩායමේ අදාළ රැස්වීම්වලට පැමිණෙන්නේ නම් එයින් සිදුවන්නේ නායකයාද අපහසුතාවකට පත් වීම බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි ක්‍රිඩක සනත් ජයසූරිය සිය ට්විටර් සමාජ ජාල ගිණුමෙන් පවසයි.

පසුගිය රජයක නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කර ඇති සනත් ජයසූරිය මේ බව ප්‍රකාශ කරන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් නොවන බව පැහැදිළි වන්නේ ඔහු එම ප්‍රකාශය සමඟ පළ කර තිබූ ඡායාරූපය අනුවය.

ඔහු මේ ප්‍රකාශය සමඟ පළ කර තිබුණේ ඊයේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  ත්‍රි රෝද රථ රියදුරන් සමඟ කළ සාකච්ඡාවේදී ඔහු සමඟ ඊට සහභාගී වූ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ  සමඟ සිටින ඡායාරූපයක් සමගිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අමාත්‍ය ධුරලින් ඉවත්ව සිටින නාමල් රාජපක්ෂ, විජේසේකර ඇමතිවරයා සමඟ මෙම රැස්වීමට සහභාගී වීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ අතර ඒ පිළබඳව විවිධ අදහස්ද සමාජ මාධ්‍ය තුළ පැතිරිණ.

Exit mobile version