සදුදා  තෙක් ඉන්ධන වාහන අංක තහඩුවේ අග අංකය අනුවයි – ඇමති කාංචන කියයි

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රම සඳහා මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ මිලියන තුනකට ඉක්මවූ පාරිභෝගිකයන් ලියාපදිංචි වී ඇති බවත් එම ක්‍රමය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඔහු පවසන්නේ එතෙක් වාහනයේ ලියාපදිංචි අංකයේ අග අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අදාල දිනයන්හි සිදු කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරයාට අනුව වාහන අංක තහඩු‍වේ අග අංක 0,1, 2 අඟහරුවදා සහ සෙනසුරාදා ද , 3,4,5 බ්‍රහස්පතින්දා සහ ඉරිදාද 6,7,8,9 අංක සඳහා සඳුදා,බදාදා සහ සිකුරාදා යන දිනවලදී ද ඉන්ධන ලබා දීමට නියමිතය. මෙහිදී යතුරු පැදි සඳහා රුපියල් 1500කුත් ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2500කුත් සෙසු වාහන සඳහා රුපියල් 7000කුත් ඉන්ධන ලබා දෙන බව අමාත්‍යවරයා පවසයි.

Exit mobile version