සතොස සේවකයින් රාජකාරියෙන් මුදවා දේශපාලයේ යෙදවූ ජොනීට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් විභාගය මැයි මස 10 වනදා ආරම්භ කරන බවත් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් අද කොළඹ මහාධිකරණය නියෝග කළේය.

‍මෙම පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කර කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජොන්සටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර ඔහු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබිණි.

Exit mobile version