සතොස සභාපති ඇමති නියෝග නොතකා වැඩට පැමිණ ඇත්තේ කොවිඩ් ආසාදිතව ඉද්දි!

සභාපති පිස්සුවෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරයා සතොසට වැඩබලන සභාපතිවරයෙක් පත් කරයි...

සතොස ආයතනය තුළ සිදුවූ බරපතල වංචාවක් පිළිබඳ හඬ පටයක් නිකුත් වීමත් සමග විධිමත් පරීක්ෂණයක් සඳහා බව කියමින් වැඩ තහනමට ලක් කර සිටියදී  ඇමති නියෝග නොතකා  සතොස සභාපති අද (15) බලහත්කාරයෙන් සේවයට වාර්තා කර ඇත්තේ කොවිඩ් ආසාදිතව සිටියදී බව වාර්තා වේ.

සියලුම සෞඛ්‍ය නිර්නායකයන්  සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කර සේවයට පැමිණ ඇති මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිත බව ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ පසුගිය 11වැනිදාය.  නිරොධායන නීතිය අනුව ඔහුට දින 07ක් නිවසින් පිටවීමට නොහැකි අතර එසේ පිටව ගොස් මහජන ආරක්ෂාවට හානි කරන ආසාදිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ බැඳී සිටී.

සීනි ගනුදෙණුවක් සඳහා රුපියල් කෝටි තුනහමාරක අල්ලසක් ලබා ගැනීම,  ආයතනය සතු මිල අධික තඹ   යකඩ ලෙස විකිණීම,   පැරණි වාහන විකිණීම,  ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම සඳහා වූ ගනුදෙනුව, මුං ඇට මිලදි ගැනීම ඇතුළු අල්ලස් හා දූෂණ ගණනාවක් හඬපටියකින් හෙළිදරව් වීම නිසා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් සභාපති වෙනුර ගුණවර්ධන සහ ප්‍රවාහන කළමනාකාර ඉන්දික රත්නමල්ලගේ සේවය අත්හිටුවා තිබිණි.


ජනාධිපතිවරයා විසන් පත් කරන ලද සභාපතිවරයෙක් වූ නීතිඥ වෙනුර ගුණවර්ධන  ඇමතිවරයාට අභියෝග කරමින් අද සතොස ආයතනයට පැමිණ සිය තනතුරුවල රාජකාරි අරඹා ඇත. අනතුරුව දහවල් 12 ට පමණ තමන් තවමත්   ආයතනයේ සභාපති බව දන්වා ආයතනයෙන් නික්ම ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සතොස ආයතනය සඳහා වැඩ බලන සභාපතිවරයෙක් පත් කර එවා ඇත.

Exit mobile version