සතොස ප්‍රවාහන අංශයේ අවුරුදු 04ක පාඩුව කෝටි 27 යි… විගණනය හෙළි කරයි!

ලලිත් චාමින්ද – 

සමුපාකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය දිගින් දිගටම  පාඩු ලබමින් පවතින අතර  ඉකුත් වසර හතර තුළ (2019 සිට 2022)  රුපියල්  විසි හය කෝටි,හැත්තෑ තුන් ලක්ෂ, දාහතර දහස්,නවසිය තිස් දෙකක (267,314,932)  පාඩුවක් ලබා ඇති බවත්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

2022 වර්ෂය තුළ පමණක්  සමුපාකාර තොගවෙළඳ සංස්ථාවේ ප්‍රවාහන අංශය  ලබා ඇති අලාභය රුපියල්  හත් කෝටි, පනස් එක් ලක්ෂ හතලිස් තුන්දහස්,හත්සිය අසු හතකි (75,143,787).  2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්‍රවාහ අංශය ලබා ඇති අලාභය  රුපියල්  දෙකොටි, පනස්එක් ලක්ෂ, විසිහතර දහස්, නවසිය හතලිස් නවයකින් (25,124,949) වැඩිවි ඇත. සතොස ප්‍රවාහන අංශය  2019 වර්ෂයේ දි රුපියල් හයකෝටි, අනු හත් ලක්ෂ ,හතලිස් දෙදහස්,අටසිය හැට තුනක(69,742,863) අලාභයක් සහ 2020 වර්ෂයේ දි  හත්කෝටි,විසිහතර ලක්ෂ, නමදහස් හාරසිය හතලිස් හතරක (72.409,444) පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවේ  සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරමුණු  කාර්යක්ෂමව හා පලදායිව ඉටුකරගත යුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සඳහා  සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ කළමණාකාරිත්වය විසින්  විගණනයට පිළිතුරු සපයා නොතිබුණි.

 

Exit mobile version