සතුන්ගේ පණු රෝගවලට දෙන ඖෂධයක් කොවිඩ්වලටත් දිව ඔසුවක් වන ලකුණු…

ලොව පුරා මේ සම්බන්ධව පරීක්ෂණ සිදු වෙනවා.. තවමත් පරීක්ෂණ මට්ටමේ... පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල කියයි...

සතුන්ගේ  පණු රෝගයන් සදහා ලබා දෙන ඖෂධයකින් කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකි බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල   සඳහන් කරයි.

ලොව පුරා මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර ඇති බවද පෙන්වා දෙන මහාචාර්යවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශය මගින් මෙම ඖෂධ්‍ය සතුන්ගේ ශ්වසන පද්ධතියේ හටගන්නා වයිරසයන්ට කොතරම් බලපෑමක් එල්ල කළ හැකද යන්න පිලිබඳව නවතම පර්යේෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇතැයි ඔහු පැවසීය.

මේ වන විට තමා දන්නා පරිදි සතුන්ගේ පණු අමාරුවට ලබා දෙන ivermectin  නම් ඖෂධීය පෙති 3ක් දිනකට පුද්ගලයෙකු ගත යුතු නමුත් තමා පශු වෛද්‍යවරයෙක් බැවින් මිනිසුන්ගේ මාත්‍රාව තීරණය කිරිමට තමාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඔහු සදහන් කරයි.


කෙසේ නමුත් මේ වන විට මාසයකට මෙම පෙති 1000ක් පමණ අලෙවි වුවද මේ වන විට එය තුන්ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද මහාචාර්යවරයාට වාර්තාව වී ඇතැයි සදහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් කොරෝනා රෝගය සැදී දැඩිසත්කාර ඒකකවල සිටින රෝගීන් සදහා රෝහල් තුනක විශේෂඥ වෛද්‍යවරුන් පවා මෙය භාවිත කළ බව තමා පෞද්ගලිකව දන්නා බවද වෛද්‍ය දංගල්ල මහතා පැවසීය.

 

Exit mobile version