සතියකින් සුදු වෙලා අවුරුදු පහකින් පිළිකාවක් හදා ගන්න එපා -රාජ්‍ය ඇමති මහාචාර්ය ජයසුමන

පිළිකා කාරක විලවුන් වර්ග නවත්වන්න විලවුන් පනත බලාත්මක කරනවා -

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රියානි විජේසිංහ –         

ප්‍රමිතියකින‌් තොරව නිෂ්පාදනය කර වෙළදපොලෙහි  අලෙවි වන විලවුන් වර්ග බොහෝමයක් පිලිකා කාරක විය හැකි  බැවින් ඒවා භාවිත නොකරන්නැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන   ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කිලෝග්‍රෑම් 1ක ආලේපනය් තුළ රසදිය මිලිග්‍රෑම් 1ට අඩුවෙන් අඩංගු විය යුතු නමුත් ඇතැම් ආලේපනයන් හි 2000 ගුණයනයෙන් රසදිය අන්තර්ගතව පවතින බව කරන ලද පර්යේෂණයන්ගෙන් අනාවරණය විනැයි ඇමතිවරයා පැවසීය.

මෙවැනි ආලේපනයන් භාවිත කිරීමෙන්  සතියක් තුළ සම සුදුවෙන නමුත් වසර පහක් ගත වීමේදී සමේ පිලිකා තත්ත්වයන් හටගැනීමේ අවදානමක් පවතින අතරම බැරලෝහයන් ශරීර අභ්‍යන්තරයේ තැන්පත් වීමෙන් අනාගතයේ බිහිවන දරුවන්ටද එය බලපාන බවද ඇමතිවරයා පෙන්වාදේ.


ඉන්දියාවෙන් පකිස්තානයෙන් හා බංග්ලාදේශයෙන් ගෙන්වන ලද ආලේපන වර්ග භාවිතය කිසිසේත්ම සුදුසු නොවන අතර ඉදිරියේදී විලවුන් පනත බලාත්මක කිරිමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

Exit mobile version