අත්අඩංගුවට ගත් ගුරුවරු බලන්න විපක්ෂනායකට අවසර නෑ

"මේක මොන ප්‍රජාතන්ත්‍රවාදය ද?" - සජිත් අසයි

sajith premadasa

රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසයි.

ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(05)පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් ඇත.

එහිදී වරාය පොලිසිය විසින් ඊට බාධා කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ අත්තනෝමතික ලෙස රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමේ වගකීම විපක්ෂ නායකයා ලෙස තමන්ට ඇති බවය.

Exit mobile version