සජිත් හොඳයි… දමිතා හිටගන්නා තැන කියයි…

සජිත් ප්‍රේමදාස සම්බන්ධව තමන්ට තිබුණේ වැරදි අවබෝධයක් බවත් ඔහු ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් බව අද තමන් පිළිගන්නා බවත් ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිණියක වූ  දමිතා අබේරත්න පවසයි.

ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් දමිතා අබේරත්න කියන්නේ සජිත් ප්‍රේමදාස පාලනය භාර ගැනීමට බැරි බව කීවේ මේ පල් හොරු එක්ක එකට වැඩ කරන්නට බැරි නිසා යැයි තමන්ට වැටහෙන්නේ දැන් බවය.

ආණ්ඩු පක්ෂයෙන් විවිධ ඉල්ලීම් සහ වරදාන සහිතව දේශපාලනයට රහසිගතව හඬගැසූ නමුත් කිිසි කළෙකත් එවැනි තීන්දුවක් ගන්නේ නැති බව පවසන දමිතා අබේරත්න අරගලය යථාර්ථයක් කිරීම සඳහා සුදුසු තැන සිටගන්නා බව ද කීවාය.

ඇය  ප්‍රකාශ කළේ මෙවැන්නකි.


“මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. නම කිය කිය බැන්නා පහුගිය කාලයේ. හේතුව පාර්ලිමේන්තුව තුළ අපි ගිහින් ඉල්ලීම් කරා, මේක භාරගන්න කියලා. එතුමන්ලා භාරගන්න බැහැ කිව්ව වේලාවේ අපි හිතුවා භාරගන්න බෑ කිව්වේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට පෙනී සිටින්න බැරිකම කියලා. “

නමුත් මම අද විශ්වාස කරනවා මෙතුමා භාරගත්තේ නැත්තේ, මේ පල්හොරු එක්ක එතුමාට හිටගන්න බැරි නිසා කියන එක. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මට ඕනෙ තැනක හිටගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. පවතින ආණ්ඩුවෙන් නම් මට බොහෝම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳගන්නවා ද අපිත් එක්ක කියලා. හැබැයි මගේ එකම උත්තරය වුණේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නෑ. හෙට දවසේ කොතැනක හරි අරගලයේ අරමුණු ඉටුකරන කණ්ඩායමක් එක්ක ඔව් මම හිටගන්නවා.”

Exit mobile version