සජබ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් නඩු

දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කිරීමේ චෝදනා මත සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව එම කොමිසම අද (8) සිතාසි මගින් එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී අලවතුවල, නලීන් බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක, සුජිත් සංජය යන අය මෙලෙස කොමිසමට අපහාස කර ඇති බවත් මේ පිළිබඳ කරුණු දැක්වීමට හෙට (9) කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් නිකුත් කරන ලද සිතාසි මගින් දැනුම් දී තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිත කරමින් රටේ නීතිය අභිබවා යමින් යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට තර්ජනයක් වන ලෙස කටයුතු කරන බව සඳහන් කරමින් මෙම මන්ත්‍රීවරු කොමිසමට අපහාස කර ජනමාධ්‍යයට ප්‍රකාශ ලබා දීම හේතුවෙන් ඔවුන් කොමිසම හමුවට කැඳවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්ත්‍රීවරුන් විසින් ජනමාධ්‍යයට සිදුකර තිබෙන එම ප්‍රකාශ මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිශන් සභා පනතේ දහ වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) යන වගන්තිය උල්ලංඝනය කරමින් කොමිසමට අපහාස කිරීම සම්බන්ධව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන බව ද එම කොමිසම මන්ත්‍රීවරුන්ට තවදුරටත් දැනුම් දී තිබේ.

Exit mobile version