සජබය හදන ආණ්ඩුවට ශ්‍රීලනීපයත් සහය දෙයි!

parliament of sri lanka

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුව භාරගෙන ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා සමගි ජන බලවේගයට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර  ලංකාසර ට පැවසීය.

ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බවට  ප්‍රකාශ කර ඇති බැවින් ඔවුන් සමඟ පොදු වැඩපිළිවෙළකට එකඟවීමට තීරණය කර ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ   අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව මේ වනවිට දැනුම් දී ඇති බවත්   එය අඟහරුවාදා  සිදුවිය හැකි බවත්  ඔහු පැවසීය.

අගමැතිවරයා ඉවත් වූ පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන රට ඉදිරියට ගෙන යාමේ වැඩ කටයුතු කඩිනමින් සාකච්ඡා කරන ලෙසත් ඊට අදාළ සහය තම පක්ෂය ලබා දෙන බවත් මේ වනවිටත් සමගි ජනබලවේගය වෙත දැනුම් දී ඇතැයිද ජයසේකර මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කළේය.


එ අනුව ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු සියලු කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සමගි ජන බලගෙය සමඟ සාකච්ඡා කෙරන බව ඔහු තවදුරටත් පැවසීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   අද (07) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අමතා ඇති අතර ඉදිරියේදී ආණ්ඩුව භාර ගන්නා ලෙස පවසා ඇතැයි වාර්තා වේ. මේ දැනුම් දීමෙන් පසුව සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ සජිත් ප්‍රේමදාස  සාකච්ඡා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මේ වනවිට අරගලයේ නිරත තරුණ කණ්ඩායම් රටේ පාලනය සම්බන්ධයෙන් දක්වන අදහස් සහ නීතීඥ සංගමය විසින් සකස් කරන ලද යෝජනා මාලාවද පදනම් කරගෙන අන්තර්කාලීන ජාතික එකඟතා රජයක් පිහිටුවීම සඳහා එකඟතාවකට පැමිණීමට  බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version