සජබය කාර්යාලයට කුණු බිත්තර ගැසීම ගෝත්‍රික ආකාරයේ පහත් වැඩක් – ඇමති ඩලස්

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යාලයට ඊයේ එල්ල කරන ලද කුණු බිත්තර ප්‍රහාරය නොදියුණු ගෝත්‍රික ස්වභාවයේ ප්‍රහාරයක් බවත් එය කිසිසේත් ම තමන් අනුමත නොකරන බවත් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය කාහටත් තිබුණද මෙවැනි ආකාරයේ පහත් ක්‍රියාවන් සිදුම තමන් කිසිසේත් අපේක්ෂා නොකරන බවත් එය ඔවුන්ගේ ගෝත්‍රික ස්වභාවය පෙන්නුම් කරන තත්ත්වයක් බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලය වෙත බිත්තර ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මධුර විතානගේ මහතාගේ මෙහෙයවීමෙනි.


එහිදී මාධ්‍ය මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඊට පෙර දිනයක ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම සිද්ධිය සිදුවන තෙක් බුද්ධි අංශ නොදැන සිටියා යැයි කීම තමන් පිළි නොගන්නා බවයි.

බුද්ධි අංශ දැනගත්තද වර්තමාන ජනාධිපතිවරයා රටේ කාටත් සමකාමී සාධාරණ උද්ඝෝෂණ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව එය සිදුකිරීමට වෙනම ස්ථානයක් පවා වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම රජය ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිළිගන්නා බවත් අවධාරණය කළේය.

එසේ හෙයින් එම උද්ඝෝෂණය බුද්ධි අංශ දැනගෙන සිටියා නම් වැළැක්විය හැකි යැයි පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කළේය.

මෙම කැබිනට් මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වු ඩලස් අලහප්පෙරුම මහතා රටේ පවතින වර්තමාන තත්වය තුළ ජනතාව දැන් විඳින දැඩි දුෂ්කරතා තමන්ට ඉතා හොඳින් වැටහෙන බවත් ඒ පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් අතිශය කණගාටුව පත්වන බවත් ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වයට මූලික හේතුව ඩොලර් සම්බන්ධ අර්බුදය බව අප කාටත් අවබෝධයක් ඇති බැවින් එය විසඳීම සඳහා සාධනීය ලෙස රජය මේ වන විට කටයුතු කරන බවත් සඳහා ඉතා ඉක්මනින් ගත යුතු තීන්දු තීරණ පිළිබඳව ඊයේ ද කැබිනට් මාධ්‍ය හමුවේ දී සාකච්ඡාවට ලක්වූ බව සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනට අක්‍රිය කර ඇති පෞද්ගලික අංශයේ විදුලිබලාගාර කීපයක් යළි ජාතික පද්ධතියට එක් කිරීමට ඒවට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබා දීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ සාකච්ඡාවූ බවත් ඒ පිළිබඳ පියවර ඉතා ඉක්මනින් ගනු ඇති බවත් සඳහන් කළේය.

Exit mobile version