සජබය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක්

parliament

සමගි ජන බලවේගය අද (06) ද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ තර්ජන හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කෙරෙහි පවතින අවිශ්වාසය මත අද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ බව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවෙන් පිටත සිට අරගලයක් කිරීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇති අතර නිර්මානය වූ තත්වයට විසඳුමක් ලබා දෙන තෙක් පාර්ලිමේන්තුවෙන් පිටත සිට විරෝධතා කිරීමට මන්ත්‍රිවරුන් තීරණය කර ඇතැයි පක්ස ආරංචි මාර්ග සඳහන් කරයි.


මැතිසබයේ වූ සිද්ධිය මෙසේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරගේ මැදිහත්වීමෙන් සිදුවන බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා ලේඛන සමඟ කරුණු අනාවරණය කිරීමක් කර තිබුණි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසන් කිරීමට පෙර කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ ලොබිය දෙසට පැමිණ ‘‘වරෙන් මනුෂ… වරෙන්…මම උඹට ගහනවා’’යැයි අසභ්‍ය වචන භාවිතා කරමින් කෑ ගසා ඇත. ඒ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත‍්‍රීවරු කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා අසලට ගොස් ඔහු විපක්ෂයේ ලොබියෙන් පිටත් කර යැවීමට උත්සාහ ගත්තද ඔහු දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් සිට ඇත.

ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා, කංචන විජේසේකර මන්ත‍්‍රිවරයා මගහරිමින් පාර්ලිමේන්තුවේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ තිබුණි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට තිබූ නියමිත කාලය ලබා නොදීම නිසා ඒ ගැන විමසීමට කතානායකවරයා අසලට ගිය විට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධානක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා එතැනට පැමිණ තිබුණි.

කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා තල්ලුකර දමා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගැන පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දැක්වූ විට නැගී සිටි කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ තමන් පෙර දිනයේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහර දුන්නේ නම් අද දිනයේදී කතා කිරීමට මෙතැන නොසිටින බවය.

Exit mobile version