සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ –

රුපියල් කෝටි ගණනක් වටිනා කිලෝ ග්‍රෑම් 6 ක් බරැති ඉපැරණි ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සහ කළ තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 20 )  මුලතිව් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

එක් අයෙකු ළඟ වටිනා බුදු පිළිමයක් ඇති බවත් ඔහු එය විකිණීමට උත්සාහ කරණ බවටත් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරුකට අනුව පිළිමය ළග තබා ගෙන සිටි පුද්ගලයා ඉදිරියේ ගැනුම් කරුවන් ලෙස පෙනී සිටි  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් තුන් දෙනා අත් අඩංගුවට ගෙන තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පිළිමය මුලතිව් ප්‍රදේශයේ කිසියම් බෞද්ධ සිද්ධස්ථනයකින් සැකකරුවන් විසින් සොරකම් කරන්නට ඇතැයි විශ්වාස කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් හා බුදු පිළිමය මුලතිව් පොලීසිය වෙත බාර දී තිබේ.


Exit mobile version