සංවිධායකයෝ රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරගාවලිය අපවිත්‍ර කරති…

ලංකාව පහළට ඇද දමා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ගනී...

ආන්දෝලනාත්මක අසාධාරණ තීන්දුවක් ගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටි ශ්‍රී ලංකා ලෙජන්ඩස් කණ්ඩායම දෙවැනි තැනට ඇද දමා සත්කාරක ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම මුල් තැනට ගෙන ඒමට කටයුතු කිරීම නිසා රොඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර 20යි විස්ස තරගාවලිය ක්‍රීඩා ලෝලීන්ගෙ විවේචනයට ලක්වෙමින් තිබේ.

දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ දක්වා සිටින්නේ් ඉදිරියෙනි.  එහෙත් තරග සංවිධායකයින් සත්කාරක ඉන්දීය පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ගෙන ඒම සදහා අවසන් මොහොතේ පක්ෂපාති තින්දුවක් ගෙන තිබිණි. ඒ අවසන් තරගයට ඉන්දියාවට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය වටපිටාව හදා දෙන්නටය.

ඒ අනුව ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දළ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටියද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන හිමි වී තිබේ.


ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවේ. ඒ තගරකරුවා බොහෝ විට දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමය. ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසෙන්නට ඊයේ (15)  රාත්‍රියේ සමත් වන්නේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 10කින් පරාජය කරමිනි.

දැනට මෙම  තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස්   අතර රායිපූර්හිදි අද (16) පැවැත්වීමට නියමිතයි.

Exit mobile version