“සංයුතියත් අවුල්.. සිලින්ඩරත් පරණයි.. ක්‍රියාවලියෙත් ප්‍රශ්න..” – රාජ්‍ය ඇමති ගෑස් ගැන කියයි

ගෑස් සංයුතිය, සිලින්ඩර පැරණි වීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේද දැවැන්ත ප්‍රශ්න ගණනාවක් මේ වනවිට පෙනී ගොස් ඇති බව පාරිබෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ගෑස් ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම කියාසිටි‍යේ කමිටුවේ අවසන් වාර්තාව පැමිණීමෙන් පසුව ගෑස් ක්‍රියාවලියට අදාළව පාරිභෝගිකයා 100%ක් ආරක්ෂා වනතෙක් අලුතින් නීති පැනවීම, පවතින නීති සංශෝධනයට ද පියවර ගන්නා බවයි.

තවමත් පාරි‍භෝගිකයාට 100%ක් වගකීම සහතික විය නොහැකි බව ද හෙතෙම කීය.


“අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක පුපුරවගන්න නෙවෙයි. මේක උඩුදුවා ගන්න නෙවෙයි. ඒ නිසා තවදුරටත් මේ ප්‍රශ්නය පිළිබඳව ඕනෑම පාර්ශවයක් ලබා දෙන අදහස් බාරගන්න සුදානම්. මේ දක්වා තවම නිරීක්ෂණයක්, නිගමනයක් විද්‍යාත්මකව අපට තොරතුරු ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. නමුත් අපට අවබෝධ වෙලා තිබෙන ආකාරයට, බොහොම පැහැදිලිව මගේ පෞද්ගලික නිගමනය , ඉදිරියේ දී පරීක්ෂණ වාර්තා ආවොත් මේක හින්ද නෙමෙයි මෙන්න මේක හින්දයි මේක සිද්ධ වෙලා තියෙන්නෙ කියලා ඉදිරියේදී අපි ඒක නිවැරදි කර ගන්නම්.

නමුත්, මගේ පෞද්ගලික නිගමනය ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා කියන එක විශේෂයෙන්ම අප පිළිගත යුතුයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් ගෘහස්ථ ගෑස් සඳහා සකස් කරපු ප්‍රමිතියට, අද මේ අපේ නරකයි කියන ගැසූ ප්‍රමිති ආයතනය විසින් සකස් කර තිබෙන ප්‍රමිතියට අනුකූලයි. පලවෙනි ප්‍රශ්නය තියෙන්නෙ මෙන්න මේකයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරපු ප්‍රමිතියේ මේකේ සංයුතිය පිළිබඳ කිසිවක් සඳහන් කරලා නෑ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රමිතිය තිබෙන්නේ පීඩනය තුළ . පීඩනය 1100ක් විතර තියෙනවා. එතකොට මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය, ප්‍රොපේන් 100% වුණත් අර පීඩනය පනින්නෙ නෑ . දැන් අපි මේකෙන් නියැදි 12ක් අපි යැව්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. ඒ දොළහෙ ම තිබෙන්නේ ප්‍රොපේන් 47/ 48ක් වගේ. මට ඒ වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරන්න පුළුවන් කිසිදු ගැටලුවක් නෑ . ඒ වගේම ප්‍රමිති ආයතනයට ඇරියා 10ක් . මේ ආයතනයෙන් කියන්නේ ප්‍රමිතියට අනුව තියෙන පීඩනයට අනුකූලයි මේක කියන එක. ඉතිං ඒ කියන්නේ මේක තාක්ෂණිකමය ප්‍රශ්නයක් තිබෙනවා.

මේ ගෑස් සමාගම් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලිය දිහා බලපුවාම මමත් පෞද්ගලිකව නිරීක්ෂණය කළ අප නිලධාරීන් පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ඇතුළු ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ගිහිල්ලා නිරීක්ෂණය කළා අපේ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ලේකම්තුමාත් ගියා. විශේෂයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පාරිභෝගිකයාගේ ආක්ෂාව පිළිබඳ මං හිතන්නේ දැනට වඩා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා.

ඒ වගේම සිලින්ඩර්වල නඩත්තුව පිළිබඳව. මේ සිලින්ඩරයේ අයිතිය තියෙන යම්කිසි ආකාරයකට, සැබෑ අයිතිය තියෙන්නේ සමාගම්වලට. එක්දහස් නවසිය අනූ ගණන්වල ඉඳන් ඒ සිලින්ඩර අපේ භාවිතයේ තියෙනවා. 1998 නිකුත් කරපු සිලින්ඩරත් තියෙනවා. එතකොට මේ සිලින්ඩර්වල අංකයක් නැත. පැහැදිලිවම නැත.

රජයේ ආයතනවල වගේම මේ සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලියෙන් දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබෙන බව බොහොම පැහැදිලිව අපේ නිරීක්ෂණයට ලක් වුණා. තාම අවසාන වාර්තාව ආවෙ නැති වුණත්. මේ තත්ත්වය නිරාකරණය කරගැනීම වෙනුවෙන් අපි තීරණ කිහිපයක් ගත්තා. පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ITI ආයතනය නැවට ගිහිල්ලා නියැදි ලබාගෙන 30/32/20 ගණන්වල ප්‍රොපේන් තිබුනොත් විතරයි ඒවා රට ඇතුළට එන්න දෙන්නෙ.

ඒ රසායන වල ගඳ වහනය වන ඒවා තිබුණේ නෑ. අපට මැදිහත් වෙලා ඒ සමාගම්වලට ඒවා හොයල දෙන්න සිද්ධ වුණා. ඊයේ ඉදන් නිකුත් කරපු ගෑස් වලට අපි වෙනම ස්ටිකර් දෙකක් දැන් සලකුණු කරලා තිබෙනවා. අපි සියයකට වතාවක් පීඩනය මනින කියලා තියෙනවා දාහකට වතාවක් අනිවාර්යෙන්ම මනිනවා. ඒ පීඩනය මනින යන්ත්‍ර මොනවත් මේ සමාගම් දෙකේ තිබුණේ නෑ. සමාගම් දෙකේ යන්ත්‍ර 20 අපට සිද්ධ වුණා ඉරිදා ITI ආයතනයේ රසායනාගාරය ඇරලා තමයි ඒ යන්ත්‍ර ටික ගෙනල්ලා lab test එකක් කරලා තමයි නිකුත් කරන්න පෙර, දැන් ඒ පීඩනය මනින්නේ. සිල් කඩපු නැති පෙර ගෑස් වෙළෙඳපොළ හෝ ගෙදර තියෙනවා නම් ඒවා යළි කැඳවන්න අපි නියෝග කළා. දැනට සිදුවීම් 400 ගණනක් සිද්ධ වෙලා තියෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේක අපේ රටේ පවුල් වලින් 30% ක ට බලපාන ප්‍රශ්නයක්. දින සිලින්ඩර් ලක්ෂයක් වගේ තමා නිකුත් වෙන්නේ. අදටත් අපිට පාරිභෝගික ජනතාවට සීයට සීයක් පැහැදිලි වගකීමක් ලබා දෙන්න පුළුවන් කමක් නෑ. අපේ ඉලක්කය තියෙන්නේ ඉතාමත් කඩිනමින් සියයට සියයක්ම පාරිභෝගිකයා ආරක්ෂා වන මට්ටමට මේ ප්‍රශ්නය නිරාකරණය සඳහායි.”

Exit mobile version