සංචාරක හෝටල්වල ලයිට් කපන්න එපා!

 

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල්වල හිඟ විදුලිබිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දි තිබේ.

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය යටතේ, විදේශීය සංචාරකයන්ගේ මෙරටට පැමිණීම අඩාලවී ඇති අතර දේශීය වශයෙන් ද සංචාරක ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව තිබේ.

දෙවන කොරෝනා රැල්ලත් සමගින් මෙරට මුහුණ පෑ ආර්ථික පසුබෑමෙන් හෝටල් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් මුහුණදුන් පීඩනකාරී වාතාවරණය පිළිබදව සලකා බලමින්, අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලීය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මෙම උපදෙස් ලබාදී තිබේ.


ඒ අනුව මේ වසරේ (2020) හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 වසරේ සැප්තැම්බර් දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදී තිබූ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරමින්, 2021 දෙසැම්බර් මස 31 දින දක්වා වසරක සහන කාලසීමාවක් ලබාදී තිබේ.

අදාළ වසරක කාලය තුළ සමාන වාරික වලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හෝටල් කර්මාන්තයේ නියැලෙන්නන්හට මෙමගින් අවස්ථාව ලබා දේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ හෙට දවස වෙනුවෙන් මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ආර්ථික අසීරුතා පිළිබදව සලකා බලමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මෙම තීරණය ගත් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version