සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරියේ සිට  ඇප් එකක් – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය   හරීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන්   පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳ පැහැදිලිකරමින්  අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද  වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම යෙදවුම මගින් සංචාරකයන් කැමති නම් ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.


තවද සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගතකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම 2023 වර්ෂයේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවද හරීන් ප්‍රනාන්දු  මෙහිදී සඳහන් කළේය.

Exit mobile version