සංචරණ නීති කඩා යුද්ධයෙන් මිය ගිය අය සමරන්න ඇවිත්…

දිනසේන රතුගමගේ –

මුලතිව් ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් පසුව සාමාන්‍ය වැසියෝ විශාල ප්‍රමාණයක් නිරෝධායන රීති හා සංචරණ නීතිරීති නොතකා කිලිනොච්චිය මුලතිව් මාර්ගය ඔස්සේ මුලතිව් යාමට පැමිණියද ධර්මපුරම් මාර්ග බාධකයේදී යුද හමුදාව හා පොලීසිය ඔවුන්ව ආපසු හරවා යැවීමට කටයුතු කළහ.

මේ පැමිණි පිරිස අතර සිටි රජයේ සේවකයින් හා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන පිරිස පරීක්ෂා කොට බලා ඔවුන්ට යාමට අවසර ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතිරි පිරිස මෙම මාර්ග බාධකය හරහා නීති රීති නොතකා මුලතිව් බලා යාමට පැමිණ සිටියේ මුලතිව් පළාතේ සංවිධානය කොට තිබූ යුද්ධයේදී මියගිය පිරිස සැමරීමේ උළෙලකට සහභාගී වීම පිණිසය.


Exit mobile version