සංගාගේ ඉඩම් ගනුදෙණුවේ වින්දිත රෝගී කාන්තාව මාධ්‍යයට කතා කරයි…

ඉඩම පවරා ගන්නතුරු හැම දේම බැලුවා... ජීවිත කාලෙම බලා ගන්නම් කිව්වා.. ඒත් දැන් ඉස්පිරිතාලෙට යන්නවත් සතයක් නෑ...

කුමාර් සංගක්කාර හා යහළි සංක්කාර සම්බන්ධ ඉඩම් ගනුදෙණුවේ වින්දිතයන් වී ඇති අඩු ආදායම් ලාභී කාන්තාවගේ සැමියා විසින් අද ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් මිය යන තෙක් තමන් සහ තම බිරිය බලා ගන්නා ලෙස යාබද ඉඩමේ පුද්ගලයන් විසින් කළ ප්‍රකාශයට අනුව මෙම ඉඩම පැවරීමට තමන් කටයුතු කළ බව කියා සිටියේය.

දඹුල්ල සීගිරිය මයිලත්තෑව ප්‍රදේශයේ පිහිටා ඇති මම ඉඩම ඓතිහාසික සීගිරිය මනාව දර්ශනයවන පර්චස් 90ක් පුරා පැතිරී තිබුණේය.   කුමාර් සංගක්කාරගේ බිරිය නමින් මෙම ඉඩමේ කූට ලේඛණ සකස් වන්නේ රෝගීව එක්තැන්ව සිටිනා මෙම කාන්තාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වීම සඳහා පසුගිය කාලයේ පුද්ගලයෙක් ඉදිරිපත් වූ නිසා බව සිද්ධිය හේතුවෙන්  වැඩ තහනමට ලක්වූ ග්‍රාමසේවකවරයා මාධ්‍යයට පවසා තිබිණි. මේ බව හිරු වෙබ් ද අඩවිය අනාවරණය කර තිබිණි.

රජයෙන් මේ ඉඩම හිමිව තිබී ඇත්තේ අතුල් පේලිගේ පද්මිණී නැමැති කාන්තාවකටය. ඇය රෝගී තත්වයක් හේතුවෙන් එක් තැන් වී සිටින්නීය. මෙම කාන්තාවට උදව් කරන බව පවසා ඉදිරිපත් වී ඇත්තේ කුමාර් සංගක්කාරට හිමි යාබද ඉඩම බලාගන්නා පුද්ගලයා බව හෙළි වී තිබේ.


කෙසේ වෙතත් ඉඩම පවරා ගත් පසු තමන් ඉතාම අසරණ වී සිටින බවත්, ඉඩම පවරාගන්නා තුරු බේත් හේත් මිල මුදල් දී ජීවිතකාලයම බලා ගන්නා බව කීවත් දැන් තමන්ට රෝහල වෙත යෑමට හෝ මුදලක් නැති බවත් ඉඩම හිමිව සිටි කාන්තාව ලංකාදීප පුවත්පතට පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කූට ලේඛන ඉදිරිපත්කර සිදු කළ මෙම ඉඩම් ගනුදෙණුව සම්බන්ධව පොලිසිය මගින් විමර්ශනයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් කරන  ලෙස තමන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පැවසීය.

Exit mobile version