ෂාෆ්ටර් ඝාතනය – ෂාෆ්ටර් ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලයේ 10ක ගේ ඩී.එන්.ඒ වාර්තා කැඳවයි…  

Dinesh-Shafter

නිමන්ති රණසිංහ –

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්   කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී. එන්. ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී එන් ඒ) දෙකක් ඇතුළත් වූ බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වූ බැවින් ඒවා කාගේදැයි සැසැදීම සදහා මෙම ඩී එන් ඒ වාර්තා කැඳවිය යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ආගන්තුක ඩී එන් ඒ රටා තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ තිබූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –


Exit mobile version