ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශන වලදී අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිය ටානි ෂාෆ්ටර්ගෙන් නැවත වරක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ෂාෆ්ටර්ගේ සොහොයුරියගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබේ.
ටානි ෂාෆ්ටර්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහුගේ කොළඹ – 7 මල්පාරේ පිහිටි නිවසට ගොස් තිබේ.
ෂාෆ්ටර්ගේ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් අනතුරුවය.
මේ අතර ඝාතනයට සම්බන්ධ විමර්ශනයට අදාලව අද රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ද දිනේෂ් ෂාෆ්ටර්ගේ කොළඹ – 7 මල්පාරේ පිහිටි නිවසට ගොස් තිබණි.