ෂාෆ්ටර් අභිරහස් මරණය විසඳීමට පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්!

Dinesh-Shafter

නිමන්ති රණසිංහ – 

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක්  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජිනද්‍රා ජයසූරිය   සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (17)  නියෝග කළාය.

ඒ අනුව මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජේෂ්ඨත්වය මත පදනම්ව නම් කර එවන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගයෙන් දැනුම් දී ඇත.

ඉන් අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 20 වනදා කැඳවීමට ද නියම කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදිප –


Exit mobile version