බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි ඉස්සරහ ජතික ජන බලවේග ආණ්ඩුව මෙච්චර ඇඹරෙන්නේ ඇයි… හේෂා ක්‍රීඩා ඇමතිගෙන් අසයි…

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Shammi-Silva
Share on FacebookShare on Twitter
  • ෂම්මි ඇතුළු හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන මේ පාරත්  ක්‍රිකට් ආයතනයේ  බලය අල්ලන්න  හදනවා… ඒක නවත්වන්න බැරිනම් විනිවිද පෙනෙන වැඩ කරන බව කියන මේ ආණ්ඩුවෙ ජනාධිපතිවරයාගෙන්වත්  ක්‍රීඩා ඇමතිගෙන්වත් වැඩක් නෑ… මේ ආණ්ඩුවෙයි රාජපක්ෂ ආණ්ඩුවෙයි වෙනසක් නෑ… හේෂා විතානගේ පාර්ලිමේන්තුවේ දී කියයි….

ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලංවත්ම එම ආයතනයට අරක් ගෙන සිටිනා ෂම්මි සිල්වා ඇතුළු හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන නැවත එම තනතුරුවලට පත්වීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන අද (22) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

කෝප් කමිටුවෙන් හෙළි කරගත් වැරදි සහිත, විගණනයේදී හෙළි දරවු වුන හොරකම් සහිත, අන්ත දූෂිත හොරුන්ගෙන් යුතු බව සහතික වූ ක්‍රිකට් ආයතනය සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුව පුදුම හිතෙන ආකාරයේ නිහඬ වෘතයක් රැකීම සම්බන්ධව තමන් මවිතවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු කීවේ පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාද කර මුළු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ නව ක්‍රිකට් ව්‍යවස්ථාව රැගෙන ඒම පිළිබඳ යෝජනාවත්, චිත්‍රසිරි කමිටු වාර්තාවෙන් කළ නිර්දේශත් පසෙක තබා මේ ක්‍රීඩා ඇමතිවරයාත් පෙර ක්‍රීඩා ඇමතිවරුන් සේම ෂම්මි සිල්වා ඉදිරියේ දණ ගසා ඇති බවය.

ෂම්මි සිල්වා ඇතුළු මේ හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන යළි ක්‍රිකට් ආයතනයේ පාලන බලය ලබා ගන්නට කරන උත්සාහ වැළැක්වීමට මේ ආණ්ඩුවට නොහැකි නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහ රාජපක්ෂ ආණ්ඩුව අතර වෙනසක් නැති බව ද හේෂා විතානගේ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුව අමතමින්  හේෂා විතානගේ මෙසේ ද පැවසුවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මාත් හිටියා. අපේ වත්මන් ජනාධිපතිතුමත් හිටියා. කෝප් කමිටුව තුළ දිගින් දිගටම කතා කළා මේ රටේ ක්ලීන් කරන්න තියෙන ආයතනයක් ගැන. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන.
මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ අපේ රටේ තියන ආයතනවලින් වෙන ග්‍රහලෝකයක් කියලා හිතන් ඉන්න ආයතනයක්. ඇමතිත් හිතන්නේ එහෙමයි.

නමුත් ක්‍රිකට් ආයතනය කරලා තියන හොරකම් සහ වංචාවන් ගැන අපි එකින් එක පාර්ලිමේන්තුවෙ කතා කළා. පාර්ලිමේන්තුවෙ දින දෙකක විවාදයකට ආවා. ඒ දින දෙකේ විවාදයෙන් පස්සේ අපි එකඟතාවයකට ආවා මේ ව්‍යවස්ථාව වෙනස් කරමු කියලා. සියලු මන්ත්‍රීවරු.

මේ කෝප් කමිටුවේ දී ක්‍රිකට් ආයතනයේ හොරකම් වංචා සහ දූෂණ ටික මම එදා පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයෙක් ලෙස අරගෙන එනකොට අනුර කුමාර දිසානායක මහත්තයා වචනයක්වත් කතා කළේ නෑ. හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ සහයෝගය ලැබුණෙ නෑ. හැබැයි අද වෙනකොට වත්මන් ක්‍රීඩා ඇමති තුමත් ගිහිල්ලා දණ ගහලා කියනවා ඔයාලගේ සල්ලි ගොඩක් තියනවා. ඔයාල අපේ අනෙක් ක්‍රීඩාවලට උදවු කරන්න කියලා. මොකක් ද මේ. ආයේ එයා මේ ජාවාරම්කාරයො ටිකට අවශ්‍ය හයියනේ දෙන්නේ.

ඒක හොඳට පැහැදිලියි. අපි හිතුවා මේ ඇමතිතුමා ආවම අනුර කුමා ජනාධිපතිතුමාගේ ඒ විනිවිදව වැඩ කරනවා කියන ප්‍රතිපත්තිය ඇතුළේ ඒ හයිය අරන් ඉස්සරින්ම මේ රටේ මේ ජවාරම් කාරයින්ට නායකත්වය දෙන ෂම්මි සිල්වා ගෙන් පටන් ගන්න ඕන. අද ෂම්මි සිල්වා ගැන වචනයක් කතා කරන්නේ නෑ. අද ෂම්මි සිල්වා ලඟ දණ ගහලා කියනවා අපට අනෙක් ඒවට උදවු කරන්න කියලා. ඒකට තමයි අමාත්‍යාංශයක් දීලා තියෙන්නේ. ඒකට තමයි ඇමතිතුමාට බලය තියෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ක්‍රීඩා පනත යටතේ පිහිටුවා තිබෙන ආයතනයක්. ඒක අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විගණකාධිපතිවරයාගේ මූල්‍ය විගණනයට යටත්ව තියන ආයතනයක්. මේ ආයතනයේ දූෂණ වංචා ගැන ඇති තරම් පසුගිය කාලේ කිව්වා. ඒ කියපු කරුණු කරණා එක්ක දැන් අර චිත්‍රසිරි වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් හදනාවා කියලා සහතික වෙලා පාර්ලිමේන්තු ගියා. නමුත් පහුගිය කාලේ හිටපු ක්‍රීඩා ඇමතිවරු කළේ වෙන දේවල්.

අපි දැක්කා මොකක්ද ෂෝ එකක් යනවා ස්මාට් යූත් කියලා. ක්‍රිකට් ආයතනයේ සල්ලි ටික දාලා දේශපාලනික සැනකෙළියක් කළා. ජන බල මන්ත්‍රීවරු කතා කරන්න ඕන ඒවා ගැන. ස්මාට් යූත් කියලා මෙච්චර මුදල් වෙන් කළා. මේවට අපි දෙනවා වැඩේ කියලා කියන්න එපායැ. නෑ ඒවා කියන්න කට අරින්නේ නෑ.

ඒ නිසා ක්‍රිකට් ආයතනය ඉස්සරහා මේ වත්මන් ආණ්ඩුව නිශ්ශබ්දව ඉන්නේ ඇයි කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට නිශ්ශබ්දව ඉන්න බෑ. මේක හොර ගුහාවක් කියන එක ඇති තරම් අපි ඔප්පු කරලා තියනවා.

ඒ වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතක දී ඡන්ද ප්‍රමාණය නිල වරණය ලංවෙලා තියන වෙලාවේ 2024 .12. 24 සම්ම්ත කරගත් යෝජනා අතර තියනවා අමුතු යෝජනාවයක්. මේ යෝජනාව ගැන අධිකරණ ඇමති තුමාට කියනවා. පසුගිය ආණ්ඩුවේ හැමොම විකිණිලා ඉද්දි අපිට කතා කරන්න හිටියේ අධිකරණ ඇමති අලි සබ්‍රි මැතිතුමා විතරයි. ඒ නිසා දැන් නව අධිකරණ ඇමතිතුමාට මම මේක කියනවා.

මේ පනත සංශෝධනය කරන් තියනවා ඉන්න හොරුන්ට විතරක් නැවත එන්න. පසුගිය අවුරුදු 15ක කාලය තුළ විධායක කමිටුවේ හෝ විශේෂ කමිටුවක අවුරුදු දෙකක නියෝජනයක් හිටියේ නැතිනම් ක්‍රිකට් ආයතනයට නිල වරණයට සම්බන්ධ වෙන්න බෑ. එතකොට මේ හොරු කියලා චෝදනා ලැබිලා හොරු කියලා විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙලා තියන පිරිස හැර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැවත වතාවක් පාලන බලය ගන්න බෑ කියලා නීති හැදෙනවා නම් ගරු අධිකරණ ඇමති තුමනි. කොතෙන්ටද අපි යන්නේ.

ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා හරි කරුණාකරලා මේ නිලවරණය නතර කරලා දාන්න. මේ නිලවරණයට ඉස්සර වෙලා මේ රටේ සුදුසු මිනිස්සු ටිකක් ක්‍රිකට් ආයතනය බාරගන්න පුලුවන් විධිමත් ආයතනයක් විදිහිට පවත්වා ගන්න පුලුවන් පිරිසක් පත් කරන්න.

අපි දන්නවා මේ දවස්වල ඇමතිතුමාලට, නියෝජ්‍ය ඇමති තුමාලට පුදුමාකාර විදිහේ යෝජනාවල් එනවා කියලා. ඒ යෝජනා එක්ක ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ක්‍රිකට් විනාශ කරනවා නම් මෙච්චරකල් පහුගිය කාලේ රාජපක්ෂලා කරපු දේම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්තු වෙනවා නම් අපි තවදුරටත් බලා ඉන්න සූදානමක් නෑ.

මේ ෂම්මි සිල්වගේ සාක්කුවට වත්මන් ක්‍රීඩා ඇමතිතුමටයි නියෝජ්‍ය ඇමතිතුමටයි වැටෙන්න එපා කියලා කියනවා අපි. ඒ වැටිලා පහුගිය දෙන්නම විනාශ වුනා. ඔබතුමාල විනාශ වුනත් කමක් නෑ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන්න දෙන්න එපා. හරියට ක්ලීන් කරනවා නම් මෙන්න ක්ලින් කරන්න හොඳ තැනක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක උකස් තැබූ ලක්ෂ 38ක රන් භාණ්ඩ සේවකයින් කොල්ල කාලා…

Next Post

අධික වර්ෂාවෙන් මහවැලි කෙත් බිම් රැසක් විනාශයි… හානි පූර්ණයට මානුෂික දැක්මකින් මැදිහත්වන්නැයි දිඹුලාගල නාහිමියන් රජයට කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.