ශේන් වෝන් දිවි සැරියෙන් සමු අරන්…

ශේන් වොන් මියගොස්ය.  90 දශකයේ ලෝකය රත් කළ විශිෂ්ටම පන්දු යවන්නා ඔහුය.  මුරලි ඔහු පසුකර ගිය බව සැබෑය. එහෙත් ඔහු  බොහෝ කලක් ආවේ වෝන්ගේ පසුපසිනි. වෝන් වැනි විශිෂ්ට පා දඟ පන්දු යවන්නෙක් නම් මෙතෙක් ලෝකයේ බිහි නොවුණ බව විචාරක මතය ය.

වෝන් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එවකට තිබුණේ තරමක ආවේග උපදවන මතකයකි.    ඔහු ඒ තරමටම අපට රිද්දවූයේය.   ඒ රිදවීම් මහා වේදනාවක් සේ දැනෙන්නේ මේ මරණය වාර්තා වූ පසුය.

වෝන් අපේ හදවත් පත්ලේ සැලකිය යුතු ඉඩක් අත් කරගෙන සිටි බව ඒ වේදනාව පසක් කරවයි.


52 හැවිරිදි ශේන් වෝන් තායිලන්ත සංචාරයක නිරතව සිටිය දී හෘදයාබාධයකින්  මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය  කීවේය. තායිලන්තයේ Koh Samui සුපිරි හෝටල් සංකීරණයේ  රැඳී සිටිය දී මෙම හදිසි හෘදයාබාධය ඇති වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 15ක් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ වෝන්ගේ අන්තර් ජාතික ක්‍රිකට් දිවිය තුළ   වෝන් ටෙස්ට් තරග  145කටත්, එක්දින තරග 194කටත් සහභාගී වුනේය. ඔහු ලබා ගත් ටෙස්ට් කඩුළු ගණන 708කි.  එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් වාර්තා කළ දෙවන හොඳම පන්දු යැවීමය.

 

Exit mobile version