ශීතකළ මුහුදු ආහාර සැකසුමකින් කොරෝනා වෛරසය හමුවෙයි

නැගෙනහිර චීන වරාය නගරයක් වන යන්තායි හි ආනයනික ශීත කළ මුහුදු ආහාර ඇසුරුමකින් නව කොරෝනා වෛරසය සොයාගෙන තිබේ.

බීජිං සහ ලියාඕනිං පළාතේ ඊසානදිග නගරය වන ඩේලියන් හිදී වූ මෙම අනාවරණයත් සමග රට පුරා කර්මාන්තශාලාවල ශීත කළ ආහාර සැකසීම අධීක්ෂණය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ෂැන්ඩොං පළාතේ යන්තායි ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධන කලාපයේදී නවතම සිද්ධිය වාර්තා වී ඇත්තේ ශීත කළ ආහාර හා සැකසුම්වල blanket test කම්කරුවන් පරීක්ෂාවට ලක්කිරීමේදී ය.


මෙම පරීක්ෂණ ප්‍රතිපල සඳුදා නගරයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් නැවත තහවුරු කරන ලදී. මුහුදු ආහාර සැකසුම්වලට අදාළව වැඩකරන සේවකයන් හා එම කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ කිසිවෙකු කොරෝනා ඇති බව තහවුරු වී නැතත් ඔවුන් නිරෝධායනය යටතේ තබා ඇති බව එරට වාර්තා පවසයි.

යාන්තයි බලධාරීන් පැවසුවේ ඩේලියන් වරාය හරහා රට තුළට ඇතුළු වූ විදේශීය නෞකාවකින් මෙම වෛරසය හමුවූ මුහුදු ආහාර පැමිණි බවයි.

කුමන ආකාරයේ මුහුදු ආහාර සම්බන්ධ වී ඇත්ද යන්න සහ ඒවා කොහෙන්දැයි නිලධාරීන් නිශ්චිතව සඳහන් කර නැත.

එම මුහුදු ආහාර “සුළු ප්‍රමාණයක්” නැවත සකස් කර අපනයනය කර ඇති බවත්, ඉතිරිය තවමත් සිසිල් ගබඩාවක පවතින බවත්, දේශීය වෙළඳපොළට ඇතුළු නොවූ බවත් ඔවුහු කියා සිටියේය.

ජුලි මස මුලදී ඉක්වදෝරයෙන් ආනයනය කරන ලද ශීත කළ ඉස්සන් කන්ටේනරයක ඇසුරුම්කරණය සහ අභ්‍යන්තර ඇසුරුමේ කොරොන වෛරසය චීනය විසින් සොයා ගත් නමුත් ඉස්සන්ට වෛරසය නොවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධියත් සමග කොවිඩ් -19 වැළැක්වීමේ සහ පාලන පියවරයන් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස යන්තයි රජය විසින් ආනයනය කරන ලද සියලුම ආහාර සැකසුම් සමාගම්වලට අවවාද කර ඇත.

Exit mobile version