ශීතකළ ආහාර මිලදී ගැනීමේ දී ප්‍රවේසම්වන්න… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දෙති!

Storage-grocery-freezer

පසුගිය සති කිහිපය තුළ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් ශීතකරණවල ගබඩා කර ඇති මස් සහ කිරි නිෂ්පාදනවල ගුණාත්මක බව සම්බන්ධ විශාල ගැටලුවක් මතු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසති.

පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලිවලට අනුව කළ වැටලීම්වලදී  ප්‍රමිතියෙන් තොර ශීත කළ ආහාර වෙළෙඳපොළේ අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට  එරෙහිව පසුගිය දෙසතිය තුළ නීතිමය පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්  රෝහණ වැඩිදුරටත් කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් ශීතකළ ආහාර මිලදී ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන පරීක්ෂවරු පාරිභෝගික ජනතාවට දැනුම් දෙති.


Exit mobile version