ශිෂ්‍යත්ව, උසස් පෙළ සිසුන් විභාගයට පෙර සිය තොරතුරු සැපයීම අනිවාර්යයි…

අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු රැස් කිරීමේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරයි...

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස  අ.පොස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිිටින අපේක්ෂකයන්ගේ සෞඛ්‍යය තත්වය ඇතුළු සියලු තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සියලුම අපේක්ෂකයන් අන්තර්ජාලය හරහා හෝ  විභාග මධ්‍යස්ථානයේ දී තොරතුරු ලබා දිය යුතු බවත් එම තොරතුරුවල රහස්‍ය භාවය අධයාපන අමාත්‍යාංශය විසින් ආරක්ෂා කරන බවත් සඳහන් එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

2020 අ. පො. ස. උසස් පෙළ විභාගය සහ  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කිරීම


කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස  2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ  විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය  සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව  අදාළ විභාග  පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා   පහත   දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.

https://info.moe.gov.lk

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version