ශිෂ්‍යත්වය සහ උසස්පෙළ කල් දැමීම ගැන තවම තීන්දුවක් නෑ…

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා 

නතාෂා නෙත්මිණි –                                                         

පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස (උසස් පෙළ) විභාග කල් දැමීමේ අදහසක් පිලිබඳව නිවැරදි ප්‍රකාශයක් දැන්ම කිව නොහැකි යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා  සදහන් කරයි.

පහවසර , අපොස (සාපෙළ) සහ (උසස් පෙළ)  පංති අද (15) ආරම්භවන අතර ලබන ජූනි මාසය වන විට පහ වසර ශිෂ්‍යත්ව සහ උසස්පෙළ දරුවන්ගේ විෂය නිර්දේශයන් සම්පූර්ණ කළ හැකිද යන්න පිළිබඳව ගුරුවරුන්ගෙන් අදහස් විමසා එසේ හැකිනම් විභාගවල වෙනසක් නොමැතිව කලින් පැවැත් වූ පරිදිම පැවැත්වීමට කටයුතු කරන බව ලේකම්වරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම විෂය නිර්දේශයන් සම්පූර්ණ කිරීමට හැකි වුවත් දැනට පවතින කොවිඩ් 19 වසංගතය ඉදිරියේදී රට තුළ කෙසේ හැසිරෙන්නේද යන්න පිලිබඳව පැහැදිලිව කිව නොහැකි බැවින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව  විභාග පැවැත්වීම තීරණය වනු ඇතැයිද කපිල පෙරේරා  කීවේය.


 

 

Exit mobile version