ශිල්පියෙක් දළදා පෙරහරේ නටන්නෙ දියවඩන නිලමෙ වෙනුවෙන් නෙමෙයි… දළදා වහන්සෙ වෙනුවෙන් – කිංස්ලි රත්නායක

තමන් සිරසෙන් අස් වූයේ අතිශය පුද්ගලික හේතුවක් නිසා බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක කියයි.

වසර 28කට පසු සිරස මාධ්‍ය ජාලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නිවසට ගොස් හොඳින් නිදා ගත් බව ඔහු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ හරි ටී.වී. යූ ටියුබ් නාලිකාවේ ස්ටෑන්ඩ්බයි විත් ලහිරු වැඩසටහනට  සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.


දේශපාලනය විද්‍යාවක් විදිහට හදාරන ලද විද්‍යාර්ථයෙක් ලෙස දේශපාලනය කිරීම වරදක් නොවන බවත්, පක්ෂ දේශපාලනයට හෝ පුද්ගල දේශපාලනයට ගොස් විනාශ නොවී තමන් විශ්වාස කරන දේශපාලන අරමුණු හා සමාන්තරව යන තැනක ලැබෙන සාධාරණ අවස්ථාවක් රට වෙනුවෙන් භාවිත කිරීම වැරැද්දක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

“ උඩරට පරම්පරාව ශිල්පයෙකුගෙ අවසාන ඉලක්කය දළදා පෙරහරේ නටන එක. ඒත්  ඔහු නටන්නෙ දියවඩන නිලමෙට නෙමෙයි. දළදා වහන්සේ වෙනුවෙන්.   රටේ ජනාධිපති කියන්නෙ තනතුරක්. එය පුද්ගලයෙක් නෙමෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන්  වැඩ කරන්න යහපත්ම අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ  සඳහා වැඩ කරනවා. වැදූ මවගේ කීර්ති නාමය වෙනුවෙන්, පාසලේ කීර්ති නාමය වෙනුවෙන්, රටේ කීර්ති නාමය වෙනුවෙන් මා වැඩ කරනවා. ඒ කීර්ති නාමයට හානිවෙන කිසිම දෙයක් මා අතින් සිදුවන්නේ නෑ…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

Exit mobile version