ලබන 25 දා ශාෆ්ටර් ගේ සිරුර ගොඩ ගැනීමට සියල්ල සූදානම් … භූමිදාන ස්ථානයට පොලිස් ආරක්ෂාව…. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Dinesh-Shafter

හිටපු ව්‍යාපාර නායක  දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 25 වැනිදා ගොඩ ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසය මගින් සැලසුම් කරමින් සිටින බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිතිඥ නිහාල් තල්දූව පවසයි.

මේ වනවිට දිනෙෂ් ෂාෆ්ටර් මිහිදන් කළ ස්ථානයට බොරැල්ල පොලිසිය විසින් පොලිස් ආක්ෂාව සපයා ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අධිකරණය විසින් පත් කරන ලද පංච පුද්ගල  විශේෂ  වෛද්‍ය කණ්ඩායම විසින් අධිකරණයට කර තිබුණු ඉල්ලීමක් ප්‍රකාරව  මෙම මෘතදේහය නැවත ගොඩගැනිමට අධිකරණය පොලිිසය වෙත නියෝගයක් නිකුත් කළේය.

ඒ සඳහා  අවශ්‍ය සංවිධාන කටයුතු පොලිසිය විසින් සිදුකරන්නේ ඒ අනුවය.   .


එළඹෙන 25 දා  .  මහේස්ත්‍රාත්වරයාගේ සහ වෙනත් විශේෂඥවරුන්ගේත් අපරාධ විමර්ශකයින්ගේත්  සහභාගීත්වයෙන්  මෘතදේයහ ගොඩගනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version