අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 03 දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් අද (21) නියම කළේය.
සැකකරුවෝ නීතිඥ සහයක් නොමැතිව අධිකරණයේ පෙනී සිටියහ.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට මේ සැකකරුවෝ රක්ෂිත බන්ධනාගාරගත කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මොහාන් මේන්ඩිස්, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩී නවරත්න ප්‍රේමතිලක මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූහ
පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර අධිකරණය හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියේ නවරත්න ප්‍රේමතිලකගෙන් මහර බන්ධනාගාරයේ දී විශේෂ ප්‍රකාශයක් ලබා ගත් බවය.