ශානි අබේසේකරට කළ අපහාසයට  චමුදිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ප්‍රවීන රූපවාහිනී නිවේදක චමුදිත සමවික්‍රමගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩුවක් ගොනු කොට තිබේ.

2021 ඔක්තෝබර් මස 19 වැනිදා හිරු ටීවී නාලිකාවේ උදෑසන විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනේ දී ගම්පහ අධිකරණ භූමියක සිදුවූ සිදුවීමක් පදනම් කරගෙන සකස් කළ වාර්තාවකදී අසත්‍ය කරුණු දක්වමින් ද්වේශ සහගතව සහ අපහාසාත්මකව චමුදිත සමරවික්‍රම   විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ශානි අබේසේකරට සිදුව ඇති අපකීර්තිය සහ චිත්ත පීඩාව වෙනුවෙන්   රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස දන්වා එම නඩුව ගොනු කර ඇත.

කොළඹ දිසා අධිකරණයේ ගොනු කොට ඇති මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස චමුදිත සමරවික්‍රම ද දෙවන විත්තිකරු ලෙස හිරු නාළිකාව අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සමාගම ද නම් කොට ඇත.

ශානි අබේසේකර  වෙනත් නඩු කටයුත්තකට ගම්පහ අධිකරණයට ගිය අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත් අඩංගුවට ගන්නා ලද බව කියන සුගත් ලක්ම් නැමැත්තකු විසින් ශානි අබේසේකර   වෙත සිදු කරන දෝෂාරෝපණයක් වීඩියෝ ගත කර මෙම වැඩ සටහන තුළ විකාශය කොට එම පුද්ගලයාගේ ප්‍රකාශය මත චමුදිත සමරවික්‍රම   අපහාසාත්මක ලෙස සහ ද්වේශ සහගත ලෙස රූපවාහිනිය ඔස්සේ කරුණු දක්වා ඇති බවට චෝදනා කර ඇති ශානි අබේසේකර   එබැවින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ බවත් එවැනි අත්අඩංගුවට ගැනීමකට මැලේසියාවට නොගිය බවත් පවසා තිබේ.


පොලිස් සේවය තුළ තීරණාත්මක විමර්ෂණ ගණනාවක් සිදු කළ කීර්තිමත් නිලධාරියකු වන ඔහුගේ කීර්ති නාමයට ද්වේශ සහගත ලෙස කැළලක් සිදු කළ බවට ඔහු මෙම නඩුවේ පැමිණිල්ල මඟින් චෝදනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශානි අබේසේකර   වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඩිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ   ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටින අතර නීතීඥ අනුෂා ධීරසේකර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Exit mobile version