ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දුන් 20 ගැන තීරණය මෙන්න

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති හතරක් ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු වුවත් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී එම වගන්ති සංශෝධනය කිරීම මගින් ඉවත්කර ගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර කථානායකවරයා අද නිල වශයෙන් එය සභාවට දැනුම් දෙමින් මෙලෙස සඳහන් කළේය.

ඒ අනුව 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ 3, 5 , 14 සහ 22 යන වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව පවසා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය , එසේ වුවත් කාරක සභා අවස්ථාවේදී සිදු කෙරෙන සංශෝධන මගින් අදාළ වගන්තිවල පටහැනි බව ඉවත්කර ගත හැකි බවට ද තීරණය කර ඇත.


ජනාධිපතිවරයා ගේ බලතල හා කාර්යයන්, ජනාධිපතිවරයාගේ මුක්තිය, වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයල ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු සභාව බවට පත් කිරීම යන කරුණු මෙසේ සංශෝධන මගින් ඉවත් කළ යුතු බව දක්වා ඇත.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කතානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රේ්ෂ්ඨාධිකරණ නියෝගය මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 – 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්, එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාවය යෝජිත කාරකසභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශේෂ්ඨාධිකරණයේ තීන්දුව දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශේෂ්ඨධිකරණය විසින් තීරණය කර ඇත.

Exit mobile version