ශ්‍රී ලංකා ධජය පා පිසින්න දැමූ චීන්නූ ගැන රජයෙන් චීනෙට පැමිණිල්ලක් 

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිපදවූ පාපිස්නාවක් චීන සමාගමක් මඟින් ඇමසොන් අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවියට විකිණීමට ඇතුළු කිරීම පිළිබඳව ශ්‍රි ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර තිබේ.  

ඒ අනුව මෙම දැන්වීම පළ කළ  චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නාලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතවිදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ මහතා විසින් දැනුම් දී තිබේ. ඔහු මෙම දැනුම් දීම කළේ “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇතිපාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙනි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමගමෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකාතානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇති බවයි.


Exit mobile version