ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගම් සභාපතිගේ නිවසට “STF   පිරිසක්“ වරෙන්තු නැතිව කඩා වදී!

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති හා සිවිල් ක්‍රියාකාරි රජීව් යසිරු කුරුවිටගේ ගේ  නිවස සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ කාර්ය බලකා සෙබළුන් බව සඳහන් කළ පිරිසක්   වරෙන්තු රහිත විශේෂ සෝදිසියකට ලක් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

ඔහුගේ නිවස මත්ද්‍රව්‍ය ජාවාරම් ස්ථානයක් බවට ආරක්ෂක අමාත්‍යාංශයට ලද  පෙත්සමක්   ඔවුන් වෙත ලැබී ඇතැයි කියමින් මෙසේ ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති බව සඳහන් වේ .

අදාළ පැමිණිල්ල ලැබී ඇත්තේ නිවසේ ලිපිනය පමණක්  සඳහන් කරමින් වන බවට කීවද, යසිරුගේ කාමරය කෙරෙහි එම නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර ඇත.


එමෙන්ම වැටලීමට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි තොරතුරු බැවින් එවා ලබා දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෝදිසියේ දී කිසිවක් හමුව නැති අතර, මේ සිදුවීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන්ගේ අප්‍රසාදය පල කිරීමට විශේෂ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් අද දින පැවත්වීමට කටයතු කර ඇති බව සඳහන් වේ.

Exit mobile version