ශ්‍රී ලංකාව භයානක තැනක – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව විසින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ සිත් ඇදගන්නා සුළු සන්ධිස්ථාන පසුකළද මේ වනවිට ඉතා භයානක තත්වයක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් පවසයි.

නිවේදනයක් මගින් එම සවිධානය පෙන්වා දෙන්නේ “අපේ ආරක්ෂක පියවර අඩුකිරීමට කාලය මෙය නොවේ. සියළුම මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් අනුගමනය කරමින් සහ අපගේ ඉදිරිපෙළ සේවකයින්ට සහයෝගය දෙමින් COVID19 පාලනය කිරීමට අපි එකට වැඩ කළ යුතුයි.” යනුවෙනි.

ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ-ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගේබ්‍රියේසස් මේ බව පවසා ඇත. “2020 වසරට වඩා මේ වසරේ කොවිඩ් අවදානම වැඩිවී තිබෙනවා. කිසිම රටක් තවමත් අවදානමෙන් ටිකක් හෝ පහව ගිහින් නැහැ. ඒ නිසා කිසිම රටක්, සිය එන්නත්කරණ අනුපාතය කුමක් වුවත්, එලෙස අවදානම අඩුවූ අයුරින් කටයුතු නොකළ යුතුයි.


වෛරසය හා සටන්වැදීමට ඇති එන්නත්වල හැකියාව අඩු තක්සේරු නොකළ යුතුයි. ඒත්, එනයින් වෛසරය මෙලොවින් තුරන්ව ගොස් ඇතැයි හෝ අප අතරින් ඉවත් වී ඇතැයි වගකිව නොහැකියි. වෛරසය නිරන්තරයෙන් වෙනස් වේ. එම වෙනස්කම් නිසා අනාගතයේදී අප එය හා සටන් කිරීමට භාවිත කරන ක්‍රමවේද පවා බලපෑමක් නොවිය හැකියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැම රටක්ම අවදානම්, එය දැඩිව ගෙන දැඩි ආරක්ෂක ක්‍රම, දැඩි අධීක්ෂණය, නිරන්තර පරීක්ෂණ, නියමිත පරිද් සෞඛ්‍ය පහසුකම් සැපයීම, නිවැරදි දත්ත ලබාදීම කළයුතුයි. එන්නත්කරණය වේගවත් කළ යුතුයි. වසංගතය අවසන් නැත. එය ලෝකයේ් අවසාන රටෙන් පූර්ණ ලෙසම ඉවත් වන තෙක් ද අවසාන නොවේ.”

Exit mobile version