ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යය මුස්ලිම් කවුන්සිලය නීති මඟට

කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ‘බලහත්කාරයෙන් ආදාහනය’ කරන බව පවසමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය (එම්සීබී) පියවර ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය එහි දැවැන්තම මුස්ලිම් ජාතිකයන්ගේ ජාලය වන අතර ඊට මුස්ලිම් දේවස්ථාන, සුබසාධන සංවිධාන, විවිධ ආයතන ආදි 500ක පමණ ජාලයක් පවතී.

නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් දැනට කරගෙන යනු ලබන ‘බලහත්කාරයෙන් ආදාහනය’ කිරීමේ ප්‍රතිපත්තියට දින 20 ක් වයසැති බිළිඳෙකු සහ මුස්ලිම්වරුන් 100 කට වැඩි පිරිසක් ඇතුළත් වී ඇති බවයි.


මේ සඳහා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහකාර මහලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන, නීතිඥයින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.

මෙම ‘බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ’ ප්‍රතිපත්තිය වහාම ආපසු හරවන ලෙසත්, මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එහි බලපෑම ඉස්මතු කරන ලෙසත් ඉල්ලා සිටිමින් එම කාර්ය සාධක බලකාය විදේශ ලේකම් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙත ලිපියක් යවා තිබේ.

ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීති සමාගමක් වන බින්ඩ්මන්ස් එල්එල්පී හි හවුල්කරු ටයාබ් අලි මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම සුළුතර කණ්ඩායමකගේ ආගමික නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. පවුලේ සාමාජිකයෙකුගේ දේහය නියමිත වේලාවට භූමදානය කිරීම සඳහා ප්‍රමාද කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණීකරණයකින් තොරව කොරෝනා වෛරස් වසංගතය අතරතුර මළ සිරුරක් ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇත. ඊට අමතරව, මියගිය අයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනමින් හා අසාධාරණ ලෙස බැහැර කිරීම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුලුතරයට දිගින් දිගටම හිංසා පීඩා කිරීම ලෙස සමහරු විස්තර කර ඇති අතර ඊට දේශීය වශයෙන් තවමත් පිළියමක් නොමැත. මෙම කාරණය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ හදිසි අවධානයට යොමු කිරීමට අපි දැන් සූදානම් වෙමු.” යනුවෙන් නිවේදනයේ සඳහන් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම නතර කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග MCB කාර්ය සාධක බලකාය විසින් අනුගමනය කරනු ඇති අතර ඔවුන්ගේ මියගිය අය ගෞරවාන්විතව භූමදාන කිරීමට පවුල්වලට ඒ අනුව ඉඩ දෙනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

Exit mobile version