ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොන්ත්‍රාත් සේවක සේවිකාවන් 400කට වැඩි පිරිසක් ඉවතට!

කොවිඩ් මුවාවෙන් ඊටීඑෆ් /ඊපීඑෆ් නවතලා - අවුරුද්දක් වැටුප් නෑ

කොවිඩ් වසංගතයේ මුවාවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට තාවකාලිකව වැටුප් රහිත නිවාඩු යැවූ කොන්ත්‍රාත් පදනමේ සේවක සේවිකාවන් 400කට අධික පිරිසක් ඊයේ සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම පියවර ගෙන තිබේ. මෙසේ ඉවත් කළ සේවක සේවිකාවන් අතර, ගුවන් නියමුවන්, ගුවන් සේවිකාවන් සහ flight coordinators මෙන්ම ground handling අංශයේ සේවක සේවිකාවන් ද ඇතැයි වාර්තා වේ.

ඉවත් කළ සේවක සේවිකාවන් 2019 ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවයට එක් වූ අයවලුන් වීම විශේෂත්වයක් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ සේවක සේවිකාවන් ඉවත් කිරීම කොවිඩ් වසංගතයට මුවා වී සිදු කළ දේශපාලන පළිගැනීමක් බවට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට චෝදනා එල්ල වෙමින් තිබේ. වැටුප් රහිතව නිවාඩු යැවූ මේ පිරිසගේ ඊටීඑෆ් සහ ඊපීඑෆ් ද මාස 12කට අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබිණි.

එවැනි චෝදනාවක් එල්ල වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් වැටුප් ගෙවා ගත නොහැකි තත්වයක පසුවන බව පෙන්වමින් එසේ ඉවත් කළ සේවක සේවිකාවන් වෙනුවට ශ්‍රී ලන්කන් සමාගම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල පරිශ්‍රය තුළ පිහිටි Airport and Aviation Services (Sri Lanka) (Private) Limited ආයතනයේ පිරිසක් එම පුරප්පාඩු සඳහා පුහුණු කරවමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බැවිනි.


ඉවත් කළ සේවක සේවිකාවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බඳවා ගැනීමේදී Sri Lankan Aviation Collage පාඨමාලාව සඳහා යොමු කර තිබූ අතර, රැකියාවේ නිරතව සිටින අතරතුරදීම එක් එක් වර්ගීකරණය යටතේ ඔවුන් හදාරා ඇති එම පාඨමාලාව සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට ඉහළ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස දන්වා තිබේ. ඒ අනුව ඔවුන්ගේ වැටුපෙන් එම මුදල කපා ගැනීමට කටයුතු කර ඇති අතර, බොහෝ සේවිකාවන් ලක්ෂ ගණන් මුදල් ගෙවා එම පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවා නිම කර ඇත.

එම පාඨමාලාව ප්‍රමිතියකින් යුක්ත එකක් නොවන බවත්, පාඨමාලාවට නියමිත පැය ප්‍රමාණය ද පැහැදිලිව සඳහන් නොකළ බවටත් එම පාඨමාලාව හැදෑරූ සේවක සේවිකාවෝ චෝදනා කරති. එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එම සේවක සේවිකාවන් ඉවත් කළ ඊයේ (මාර්තු 31) දිනය වනවිටත් එම සේවක සේවිකාවන් හදාරමින් සිටි ඇතැම් පාඨමාලා නිමා කර නොතිබූ අතර, සම්පූර්ණයෙන්ම මුදල් ගෙවූ සේවක සේවිකාවන්ට සහතික පතක් ද නොමැතිව රැකියාව ද අහිමිවී හිස් අතින් ගෙදර යෑමට සිදුවූයේ පෙර දැනුම් දීමකින් තොරව රැකියාවෙන් ඉවත් කළ බැවිනි.

කැප්ෂන්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැකියාවෙන් ඉවත් කළ බවට ඊයේ (31) සේවක සේවිකාවන්ට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය

Exit mobile version